ෆාතිමාගේ අඩ නිරුවත පින්තාරු කිරීමට අවස්ථාව දී එහි වීඩියෝ දර්ශන ලබාගෙන යූ ටියුබ් වෙත මුදාහැරි අයට සිදු වූ දේ..(VIDEO/PHOTOS)

Youtube India Indian Actress World Prison
By Aruna Jun 06, 2023 07:36 AM GMT
Report

සිය දරුවන්ට තමාගේ අඩ නිරුවත් සිරුරෙහි චිත්‍ර පින්තාරු කිරීමට අවස්ථාව ලබා දී එහි වීඩියෝ දර්ශන ලබාගෙන යූ ටියුබ් වෙත මුදාහැරි, සමාජ ක්‍රියාකාරිනී රෙහානා ෆාතිමාට එරෙහි නඩු කටයුතු අවසන් කළ යුතු බවට කේරළයේ මහාධිකරණය විසින් ඊයේ (05) තීන්දු කළා.

ඇයට එරෙහි නඩුකරය ප්‍රතික්ෂේප කරමින් විනිශ්චය මණ්ඩල ප්‍රධානී විනිසුරු කවුසර් එඩප්පගත් සිරුර පිළිබඳ පුද්ගලයාට ඇති අයිතිය පිළිබඳ පෙන්වා දුන් අතර ඉන්දීය සමාජයේ කාන්තා නිරුවත සහ පිරිමි නිරුවත පිළිබඳ වන එකිනෙකට වෙනස් ආකල්ප ද විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

කේරළ මහාධිකරණය විසින් ප්‍රකාශ ක‍ර ඇත්තේ,කාන්තාවකගේ ශරීරය පිළිබඳ වන නුහුරු හැඟීම පහ කරනු වස්, සිය දරුවන්ට තම සිරුරෙහි පාට පින්තාරු කිරීමට මවක විසින් ඉඩ ලබා දීමේ කිසිදු වරදක් නොදකින බවයි .

මෙම ආන්දෝලනයට තුඩු දුන්නේ රෙහානා ෆාතිමා විසින් 2020 දී යූ ටියුබ්හි උඩුගත කෙරුණ වීඩියෝවක්. එහිදී එවකට 14 වන වියෙහි සහ 8 වන වියෙහි පසු වූ සිය දරුවන් දෙදෙනා ඇගේ නිරුවත් උඩු කයෙහි චිත්‍ර පින්තාරු කරන අවස්ථාවක් දක්වා තිබුණා.

එවිට ඇය සිය දරුවන් ඉදිරියේ අශීලාචාර ලෙස හැසිරුණ බවට ෆාතිමා වෙත බොහෝ චෝදනා එල්ල විය. කෙසේ වෙතත් ඇය ස්ත්‍රී නිරුවත පිළිබඳ වන අනියත බිය දුරස් කිරීමට සහ දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය උදෙසා මෙම කාර්යය සිදු කළ බවයි රෙහානා ෆාතිමා අවධාරණය කළේ.

මෙම වීඩියෝව හරහා රෙහානා ෆාතිමාට එරෙහිව දරුවන් කාම චිත්‍රපට සඳහා යොදාගැනීම සහ එවන් වීඩියෝ ළඟ තබා ගැනීම යන චෝදනා වෙනුවෙන් නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නඩුවෙහි තීන්දුව ලබා දෙමින් කේරළ මහාධිකරණය කියා සිටියේ, සමාජය තුළ පුරුෂයින්ගේ සිරුර පින්තාරු කිරීම ඇතැම් සම්ප්‍රදායික උත්සව වලදී පවා කෙරෙන නමුත් ස්ත්‍රී නිරුවත හුදෙක් කාමෝද්දීපන මෙවලමක් ලෙස භාවිතා කෙරෙන බවයි.

අදාළ වීඩියෝවෙහි අරමුණ ද එවන් ද්විත්ව ප්‍රමිතීන් විවේචනය කිරීම සහ මිනිස් සිරුර පිළිබඳ සංවේදීතාවය ඇති කිරීම බව පෙන්වා දෙන අධිකරණය, ෆාතිමාට එරෙහි චෝදනා ඔප්පු කළ නොහැකි බව කියා ප්‍රකාශ කොට තිබේ.

ෆාතිමා මුලින්ම අවධානයට ලක් වූයේ 2018 දී ආන්දෝලනාත්මක සබරිමාලා කෝවිල වන්දනා කිරීමට කළ සැලසුම් හේතුවෙන්. භාරතීය ජනතා පක්ෂයේ සහ රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි ක්‍රියාධරයින් ඇයට බාධා කළ අතර ඇයගේ නිවෙස ඉදිරියේ උද්ඝෝෂණ ද කර තිබුණා .

පසුව , ඇය සිය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශයන් මගින් ආගමික ප්‍රජාවන් අතර අසමගිය වර්ධනය කරන්නට තැත් කරන බව පවසමින් ඇය සේවය කරමින් සිටි ඉන්දීය රජයේ BSNL සමාගම විසින් ඇයව සේවයෙන් නෙරපනු ලැබුවා .

ෆාතිමා ගේ මෙම සිදුවීමට අදාල වීඩියෝවක් පහතින්,



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery