නවීකරණය කරන ලද දුරකථන මිළදී ගැනීමකදී සැලකිලිමත් විය යුතුම දේ..

iPhone Apple Samsung Smart Phones
By Sewvandhi May 23, 2023 11:29 AM GMT
Report

 Refurbished phones (නවීකරණය කරන ලද දුරකථන) යනු ලෝකය පුරා භාවිතාව තුල ක්‍රමයෙන් විශාල වෙමින් ඇති වෙළඳ පොලක් ලෙසට පිලිගැනේ.

පසුගිය වසර සැලකීමේදී ආසන්නව 283 million ඉල්ලුමක සිට 2026 වන විට 415 million ක ඉල්ලුමක් දක්වා එය වර්දනය වනු ඇති බවට දැනට මත් අනාවැකි පලවෙමින් තිබේ.

එය අඩු ආර්ථික තත්වයේ සිට වඩාත් පරිසර හිතකාමී ප්‍රවනතාවයක් ලෙසට හදාරන්නන් පෙන්වා දෙන්නට කැමති වනු පෙනේ.

මෙම ප්‍රවනතාවය කොතරම්ද යත් මේ වන විට ලොව ප්‍රධාන පෙලේ දුරකථන නිපැයුම් කරුවන් වන Apple නැතිනම් Samsung වැනි ආයතනයන් පවා මේ වන විට ඔවුන්ගේම refurbished stores පිහිටවා තිබීම දක්වා පැමින තිබීමෙන් වටහා ගත හැක.

හදාරන්නන් පවසන්නේ භවිතාකල උපාංගයකට යාම විස්වාසනීය ස්ථානයකින් හෝ ආයතනයකින් සිදුකිරීම වැදගත් වනවා සේම කෙටිකාලීන වගකීමෙන් අනතුරුව සමහර විට කිහියම් අභියෝගයකට සූදනම් වීමක්ද විය හැකි බවයි.

එසේම දෘශ්‍ය ගැටළු සේම අභ්‍යන්තරිකවද ගැටළු සැගව පැමින තිබිමක් බලාපොරොත්තු වීම වැදගත් සූදානමක් බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එසේම මෙම ආකයේ නිළඳී ගැනීමකට යාමේදී දුරකථනයේ බැටරියේ තත්වය, අනෙකුත් අමතර උපාංග වල තත්වය මෙන්ම ලබා දෙන වගකීමේ කාලසීමාව මෙන්ම ප්‍රමානය පිලිබඳව අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවටයි වැඩි දුරටත් පැවසෙන්නේ. (Pubudu Siriwansa)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now