මේදය අඩු කර මුහුණ හැඩ කරන Tips.

Healthy Food Recipes
By Wayomi Jun 02, 2022 07:52 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මුහුණේ මේදය තැන්පත් වී මුහුණයි බෙල්ලයි වෙන් කරලා හොයාගන්න බැරි වන තරමටම තඩි වීම, ගැහැණු පිරිමි භේදයකින් තොරව ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක්. ඒකට හේතු වෙන්නේ විශේෂයෙන්ම හකු, නිකට, බෙල්ල ප්‍රදේශය සහ කම්මුල් අවට අතිරික්ත මේද තැන්පත් වීමයි. හැබැයි ඔබේ බර, තරබාරුව පාලනය නොකර මුහුණේ මේදය නැති කරගන්න ටිකක් අමාරුයි.

නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, නිතිපතා ක්‍රියාශීලිව දඟලලා වැඩ කිරීම, වැරදි පුරුදු වලින් වැළකීම සහ පුළුවන් වෙලාවට පුංචි පුංචි exercise ටිකක් හරි කරනවා නම්, තබරබරුව, බර අඩු කරගෙන මුහුණේ මේදය අඩු කරගෙන මුහුණ හැඩ කරගන්න පුළුවන්.

මුහුණේ අධික ලෙස මේදය තැන්පත් වීමට හේතු

• ජාන සහ හෝර්මෝන සාධක

• බර වැඩිවීම

• සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව

• ව්‍යායාම නොමැතිකම

• වයස්ගත වීම

• අධික ලෙස වර්ධනය වූ මුහුණේ මාංශ පේශි

• ස්ටෙරොයිඩ් වල අතුරු ආබාධ

• නින්ද නොමැතිකම

• මත්පැන් පානය

• අධික සෝඩියම් පරිභෝජනය

• තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගාබාධ

• අහිතකර ජීවන රටාව


මුහුණේ මේදය අඩු ගන්න හැටි  


- සිරුරේ සජලනය හොඳින් පවත්වා ගන්න දවස පුරා හොඳින් වතුර බොන්න.

- හෘද ස්පන්දන වේගය වැඩි කරන Cardio හෝ වෙනත් ඕනෑම aerobic ව්‍යායාමයක් කරන්න. දිවීම, නැටීම, ඇවිදීම, පිහිනීම වැනි ශාරීරික ව්‍යායාම වලද නිරත වන්න.

- මත්පැන් පානය අඩු කරන්න.

- පිරිපහදු කළ කාබෝහයිඩ්රේට් සහිත ආහාර ගැනීම අඩු කරන්න. චිප්ස් , පැස්ටා ඇතුළු කඩචෝරු වර්ග.

- සෝඩියම් ඔබේ සිරුරේ ජලය රඳවා තබා ගන්නා අතර එමඟින් මුහුණ ඇතුළු සිරුර ඉදිමීම සිදු වෙනවා. ඒ නිසා අධික සෝඩියම් එහෙමත් නැත්නම් සෝඩියම් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.

- නින්ද නොයාම මානසික ආතතිය, බර වැඩිවීම, ආහාර රුචිය සහ මන්දගාමී පරිවෘත්තීය උත්තේජනය කරනවා. ඒ නිසා ඕනවට වඩා ඇහැරන් ඉන්නේ නැතිව හොඳ නින්දක් ලබාගන්න.

- අධික තන්තු සහිත ආහාර ගැනීම වැඩි කරන්න. අධික තෙල් සහ සීනි ආහාර අඩු කරන්න.

- නිදාගැනීමේ ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න. මුහුණ කොට්ටයට තද කරමින් නිදා ගැනීම තරල තැන්පත් වී ඉදිමීමට හේතු වෙනවා. වසා තරලය සුමටව ගලා යාමට ඉඩ දීම සඳහා උස් වූ කොට්ටයක් භාවිතා කරන්න.   


මුහුණට කළ යුතු exercise

- කම්මුල් පුම්බන්න.

ඔබේ මුඛය වාතයෙන් පුරවා (පුම්බාගෙන )තත්පර 10 ක් ඔබේ හුස්ම තබා ගන්න. දැන්, දකුණු කම්මුල දෙසට වාතය හරවා ඊළඟ තත්පර 10 එලෙස කරන්න. මාරුවෙන් මාරුවට ඒ වැඩේ ටික වෙලාවක් කරන්න. එමඟින් මුහුණේ මාංශ පේශිවල රුධිර සංසරණය වැඩි කරයි. මුහුණේ මාංශ පේශී ශක්තිමත් කරනවා.

- ඇහි බැම ඔසවන්න.

ඔබේ ඇහි බැම යටින් ඔබේ මාපටැඟිල්ල සහ මැද ඇඟිලි එකට තබන්න. ඔබේ ඇඟිලි සහ අත්ල ඔබේ මුහුණ මත තබා ගන්න. මීළඟට ඔබේ ඇස් විවෘතව තබාගෙන ඔබේ ඇඟිලි ආධාරයෙන් ඔබේ ඇහි බැම ඉහළට සහ පහළට ඔසවන්න. චලනය සිදු කිරීමෙන් පසු විවේක ගන්න. මෙය නළලේ රැලි ඉවත් කිරීමට ද අක්ෂි ප්‍රදේශය වටා රුධිර සංසරණයට උදව් වෙනවා.

- Lip Pull ව්‍යායාමය.

ඔබේ හිස නිශ්චලව තබාගෙන යටිතොල ඔබට හැකිතාක් දුරට ඉහළට ඔසවන්න.තත්පර 15-20 අතර කාලයක් එලෙස තබා ගන්න. එය 15 වතාවක් නැවත නැවත කරන්න. හකු අස්ථි තියුණු කරයි.  


ඉදිමුණු මුහුණ සහ මේදය තැම්පත් වී ඇති මුහුණ අතර වෙනස

මුහුණ ඉදිමීමට හේතු

• විවිධ අසාත්මිකතා ප්‍රතික්‍රියාවන්.

• මකුණන් දෂ්ට කිරීම.

• හිරු රශ්මිය.

• ආහාර අසාත්මිකතා.

• ඇන්ජියෝඩීමා

• ඔබේ මුහුණේ සමට යටින් ඇති තරල එකතුවකි

• ලුණු පරිභෝජනය අධික වීම.

• මත්පැන් පානය.

• ආතතිය.

• ඔසප් කාලයේදී.

• තයිරොයිඩ් ගැටලු.

• විජලනය.


මුහුණේ පිම්බුණු, ඉදිමුණු ගතිය අඩුකර ගන්න ක්‍රම

• උදෑසන මුහුණ මත අයිස් තබන්න.

• ලුණු සහිත ආහාර අධික ලෙස පරිභෝජනයෙන් වළකින්න.

• සැකසූ ආහාර ගැනීමෙන් වළකින්න.

• සජලනය වෙන්න.

• අධික ලෙස මත්පැන් ගැනීමෙන් වළකින්න.

• මුනින් අතට හැරී නිදාගන්න එපා.

• සිසිල් කළ පිපිඤ්ඤා පෙති හෝ හරිත තේ බෑග් මුහුණ මත තබන්න.

• රුධිර සංසරණය ප්‍රවර්ධනය කිරීම සඳහා මුහුණ මෘදු ලෙස සම්බාහනය කරන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග 
join now