බැංකු ණය පොලී අනුපාතය පහළ දමයි..ණය ගන්න අයට සුභ ආරංචියක්..
Central Bank of Sri Lanka
Sri Lanka Politician
Economy of Sri Lanka
Businessman
By Aruna
පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබූ තත්ත්වයක මෙලෙස අඩු කර තිබේ.
මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව පසුගිය දා රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය.
මේ අනුව පසුගිය සතිය තුළ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් 11% මට්ටමෙන් පහළට පැමිණ තිබෙනවා.
වාණිජ බැංකුවල ණය පොලිය පහතින් බලන්න?
