කොරියන් ඩෙසර්ට් එකක රස බලන්න ආසද?

Healthy Food Recipes
By Wayomi Jun 29, 2022 11:33 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඔන්න අද කියලා දෙන්න හදන Recipes එක නම් ලංකාවේ එකක් නෙවෙයි. මේක කොරියන් Recipes එකක්. එයාලා නම් මේක හඳුන්වන්නේ Redbean Porridge ලෙසයි. හැබැයි මේක හදාගන්න ඕන අමුද්‍රව්‍ය නම් අමුතුවෙන් හොයන්න දෙයකුත් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය

🥄 රතු කවුපි කෝප්ප 2ක්

🥄 ලුණු ස්වල්පයක්

🥄 සීනි කෝප්ප 1 ක්

🥄 පිසගත් බත් කෝප්ප 2ක්

🥄 වතුර කෝප්ප 1 1/2 

 සාදාගන්න ආකාරය

🥄 කවුපි ටික පැයක් පෙඟෙන්න තියලා වතුර දාලා තම්බාගන්න.

🥄 දැන් මේක බ්ලෙන්ඩර් එකට දාලා වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න.

🥄 ඉන්පසුව එම පේස්ට් එක පෑන් එකකට දාලා ලුණු, සීනි හා පිසගත් බත් දාලා කලවම් කරන්න.

🥄 උකුගතිය වැඩි නම් වතුර ටිකක් දාගන්න.

🥄 නටනකොට ලිපෙන් බාගන්න.

🥄 දැන් රස බලන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW