සෑබෑ ජීවිතේ ලේ බීලා වැඩෙන වැම්පයර් කෙනෙක් ඉන්නවා කිව්වොත් ඔබ පුදුම වෙයි. මෙන්න කතාව.

By Sithumini Aug 17, 2024 05:12 PM GMT
Report


ඇත්ත වශයෙන්ම ඔබ සැබෑ ජීවිතයේ ලේ උරා බොන වැම්පයර් කෙනෙක් දැක තිබෙනවාද? එහෙමත් නැත්නම් ලේ උරා බොන රාත්‍රියේදී මිනී පෙට්ටියක් තුළ නිදාගන්නා උල් දත් සහිත ශක්තිමත් පිසාචයෙක්ව දැක තිබෙනවාද.

ඇත්තෙන්ම මේ කතාව ඔබව පුදුම කරන්නට සමත් වේවි.. මෙවැනි පුද්ගලයෙක් මුලින්ම ජනතාව අතරට ආවේ රූපවාහිනී වැඩසටහනකින්. එහිදී ඔවුන් ඔහුට අභියෝග කරේ තමන් වැම්පයර් කෙනෙක් ලෙස සිතා සිටී නම් එය ඔප්පු කර පෙන්වන ලෙසයි.

ඒ වෙනුවෙන් මොහු ප්‍රසිද්ධියේම මිනිසුන්ගේ ලේ පානය කර පෙන්නූ අතර සාමාන්‍ය මිනිසෙකුට දැරිය නොහැකි ඉතා බර තහඩු තම දෙපයෙන් ඔසවාද පෙන්නූ බව සඳහන්.

එමෙන්ම ඔහුගේ ඉව සම්බන්ධ කර පරීක්ෂණයකදී ඔහු සැබෑම වැම්පයර් කෙනෙකු බව ඔප්පු කලේ ඔහුට දුන් සියලු ද්‍රව්‍ය තම ඉවෙන් හඳුනා ගනිමින්.

මෙම වැඩසටහනින් පසු මොහු පිළිබඳ විවිධ කතා පැතිරුණද බොහෝ දෙනෙක් විශ්වාස කළේ මෙය රූපවාහිනී වැඩසටහනේම සැලසුමක් කියලයි නමුත් එක්වරම මොහු සියල්ලන්ගෙන්ම අතුරුදහන් වී තිබුණා ඉතින් මිත්‍රවරුනේ ඔබේ අදහස කුමක්ද මේ සත්‍යයක් විය හැකිද..?