හිටපු ඇමති රවී කරුණානායක සුළු මොහොතකට පෙර අත්අඩංගුවට

CID - Sri Lanka Police Ravi Karunanayake Sinhala news CIABOC FCID - Financial Crimes Investigation Division
By R.rishma Aug 31, 2026 07:58 AM GMT
Report

සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගෙන ඇත. අද දින අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු අමාත්‍ය රවී කරුණානායකට චෝදනා එල්ලවී ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් තිදෙනෙකු සිය දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ය. 

මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම් දී තිබුණ ද ඔහු එම කොමිසම හමුවට පැමිණ තිබුණේ නැත.

මේ නිසා එම කොමිසමේ නිලධාරීන් පිරිසක් පෙරේදා මන්ත්‍රීවරයාගේ නිවස වෙත ද ගොස් තිබූ බවද වාර්තා වේ.