තරුණ ජීවිත දෙකක් බිලිගත් ඇඟ හිරිවැටෙන අනතුර..යටවූ ත්‍රිරෝද රථය එළියට ගැනීමට කළ මෙහෙයුම..(VIDEO)
accident
lorry
Rathnapura
threeweel
Batuvaththa
batugedara
vallavathtga
By Sewvandhi
රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බවය.
කොළඹ සිට වැල්ලවාය බලා ගමන් කරමින් තිබූ ලොරි රථයක කතරගම සිට පැමිණෙමින් තිබු ත්‍රිරෝද රථයක් එලෙස අනතුරට ලක්ව තිබුණි. ත්‍රිරෝද රථයේ පැමිණි තරුණයින් දෙදෙනාට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්වු බව අප වාර්තාකරු පැවසීය.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි අතුරුගිරිය ප්‍රදේශයේ සහ 27 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි.
ලොරි රථයේ රියදුරු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
(වීඩියෝ අයිතිය -අද දෙරණ)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |