ගොඩක් චිත්‍රපටිවල ප්‍රධාන චරිතෙ මට අහිමිවෙලා තියෙනවා මම සුදු නැති නිසා, මට එහෙම මූණට කියලා තියෙනවා (PHOTOS)

By Sithumi Nov 04, 2022 06:24 PM GMT
Report

හිරු ටීවී එකේ මේ දිනවල ජනප්‍රියම ටෙලිනාට්‍යයක් විදියට සති අන්තයේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ සත්සරනී විදියට අපි අතරට එන ඇය රශිපබා සන්දීපනී. 

පුංචි තිරය වගේම සිනමාවද ආක්‍රමණය කරන්නට හැකි වූ සුන්දරත්වයක් හිමි රශිපබාගේ පළවෙනි සිනමා නිර්මාණය තමයි ‘නිමි’ කියන්නේ. සිංහල ටෙලිනාට්‍යයවල වගේම දමිළ ටෙලිනාට්‍යයවලද ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නට ඇයට හැකිවෙලා තියෙනවා.

ඉතින් බොලිවුඩ් පෙනුමක් තියෙන රශිපබා ඉන්දියාවෙත් ගිහින් වැඩකට දායක වුණා. ඉතින් ඇය කියන විදියට ලංකාවේ කලා ක්ශේෂ්ත්‍රය තුල ඇයට ඇගේ සමේ වර්ණය නිසා අහිමි වූ අවස්ථාවන් ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මට අපේ රටේ සමහර සිනමා නිර්මාණවල ප්‍රධාන චරිතය අහිමිවෙලා තියෙනවා මගේ හමේ වර්ණය නිසා. මට තියෙන්නේ ලංකාවට ආවේණික තලෙලු හමක්. සමහරක් අධ්‍යක්ෂකවරු කියලා තියෙනවා මගේ මූණටම ඔයාට මේකේ මේන් රෝල් එක දෙන්න තිබ්බා තව ටිකක් සුදු වුණානම් කියල. ඇයි එහෙම කරන්නේ. තමන්ගේ ටැලන්ට් එකට නෙමෙයි වැඩ දෙන්නේ. අලුතින් කලාවට එකතු වෙන කට්ටිය හදන්නේ හම පාට කරගන්න මිසක් රංගනය ගැන ඉගෙනගන්න නෙමෙයි

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery