"මට විස්වාස කරන්න බැරි විදිහේ දෙයක් එයාගෙන් මට වුණා..මම ඇඳ ගාව ඉඳගෙන ඉකිගගහා ඇඬුවා". රශී ප්‍රභාට depression ආ හේතුව මෙන්න.(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Aruna Nov 08, 2022 12:37 AM GMT
Report


කලා ලෝකය තුළ බොහෝ කලාකාරියන් පිළිබඳව මේ දවස් වල කතාබහ කරද්දී අමතක කරන්නම බැරි සුන්දර රංගන ශිල්පිනියක් තමයි රශි ප්‍රභා සන්දීපනී කියන්නේ.

ඇය සම්බන්ධයෙන් කතා කරන්නේ ඉතාමත් කෙටි කාලයකින් පුංචි තිරය අතික්‍රමණය කරපු දක්ෂ රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හඳුන්වන්න පුළුවන්.

මේ දවස් වල ගොඩක් දුරට ඇය ප්‍රසිද්ධ හිරු නාළිකාවේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ සත්සරණී කියන ආදරණීය චරිතය හරහායි.

ලාංකේය ටෙලි නාට්‍ය කලාව ඇය ඒ විදියට ජය ගද්දි පසුගිය දවස්වල රශිප්‍රභා කාටත් නොලැබෙන ආකාරය විශේෂ වරප්‍රසාදයක් ලැබුණා.

ඒ ඉන්දියානු චිත්‍රපට චිත්‍රපට ක්ෂේත්‍රය එක්ක සම්බන්ධවෙලා වැඩ කටයුතු කරන්න.

ඇගේ පෙනුම හින්දි නිලියක්ගෙ වගේ නිසා ගොඩක් වෙලාවට ඒ සියලුම දේවල් එක්ක වෙන්නැති ඇයට මේ අවස්ථාව ලැබෙන්නෙ.

කෙසේ නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය අද වෙද්දිඋ ඉන්දියාවට ගිහින් ඒ අදාල කලා කටයුතුවල වැඩ සිදු කරනවා කියලා කියලත් ආරංචි වෙනවා.

ඒ වගේම අද ඇය මේ තරම් සාර්ථක ගමනක් ආවත් ඒ ගමන් මඟ තුළ විවිධ හැලහැප්වීම් වලට ඇය මුහුණ දීලා තියෙනවා.

විශේෂන්ම ඇය ගත කරපු ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක් පිළිබඳව යූටියුබ් සාකච්ඡාවක් අතරතුර ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“මම ගොඩක් සංවේදී චරිතයක් මම මිනිස්සුන්ට අසීමිතව ආදරේ කරන කෙනෙක්.

යාලුවෙක් වුණත් හරි ආදරේ කරන කෙනෙක් හරි වේවා මම ළඟට ගන්න පොඩි පිරිසයි මම එයා ලොව මගේ කරගෙන ආදරේ කරනවා.

නමුත් මිනිස්සු ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා ඒක මම අත්දැකීමෙන් අත්වින්දා.

මටත් හිටියා හොඳ යාළුවෙක් ජිවිතෙ මට විස්වාස කරන්න බැරි විදිහේ දෙයක් එයාගෙන් මට වුණා.

යාලුවෙක් උනහම චරිතය බිඳින්න කතා කරන්න හොඳ නෑ ඒ කාලසීමාව ඇතුළත ඒ සිද්ධිය නිසා මම depression තත්වෙට එනවා.

මාස හතරක විතර කාලයක් ඒ කාලේ මම සෑහෙන්න තනි උනා. ගෙදර අයට පෙන්නුවෙත් නැහැ.

හරියටම කියනවා නම් මුළු ලෝකෙම මං විතරක් කියලා මට හිතුණා. ෆෝන් එක පාවිච්චි කළේ නෑ ඇඳ ගාව පොළවේ ඉඳගෙන මම ඇඬුවා.

මම කෙනෙක් එක්ක ජීවිතය ඔක්කොම ප්ලෑන් කළා. ඒකයි යාලුවගෙ වෙනස් වීමයි ඔක්කොම එකට ආවේ.

” ඔන්න ඔය විදියට තමයි රශි ප්‍රභා ඒ අඳුරු අතීතය පිළිබඳව මාධ්‍යයට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

කෙසේ නමුත් ඇය අද ගොඩක් සතුටින් ඒ හිතේ සතුට තවත් බොහෝ කාලයක් රැඳී පවතී වා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery