මෙතෙක් කාලයක් පෙට්ටිගමක සඟවා තැබූ - ටයිටැනික් නැවේ පළමු පන්තියේ මෙනු පතට ලැබුණු වරම. (PHOTO)

World
By Wayomi Nov 10, 2023 08:54 AM GMT
Report

අයිස් කුට්ටියක හැපී මුහුදේ ගිලී යෑමට පෙර, ටයිටැනික් නැව එදින රෑ, පළමු පංති​යේ ගමන් කරමින් සිටි මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ඇතුළත් මෙනු පතක් එංගලන්තයේ දී වෙන්දේසි කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.

ඇන්ඩෲ ඕල්ඩ්රිච් නමැති වෙන්දේසිකරු විසින් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත අතර ඔහුට මෙය ලැබී ඇත්තේ,කැනේඩියානු ජාතික ඉතිහාසඥ ලෙන් ස්ටීවන්සන් ගෙන් බව සඳහන්.

කෙසේ වෙතත් මෙම මෙනු පත පිළිබඳව ස්ටීවන්සන්ගේ පවුලේ අය පවා දැන නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

2017 වසරේ ලෙන් ස්ටීවන්සන්ගේ මරණයෙන් පසු ඔහුගේ බඩු බාහිරාදිය සිය දියණියටත් ලේලියටත් උරුම කර ඇති අතර එම බඩු බාහිරාදිය අතරේ මෙම මෙනුපත තිබී ඇත.  



Gallery