කිරිපිටි හිඟයක් ඇති වෙයි ද? - කිරිපිටි ගැන විශේෂ හෙළිදරව්වක්..

Parliament of Sri Lanka Ranjith Siyambalapitiya Sri Lanka Food Crisis
By krishani Nov 29, 2022 07:31 AM GMT
Report

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 6ක් සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ ය.

ඒ අදාළ කිරිපිටි තොග ආනයන අපනයන රේගුලාසි උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කර ඇති බව ය.

එම කිරිපිටි බහාලුම්වලට අදාළව පරීක්ෂණ වාර්තාවක් අද පාර්ලිමේන්තුවට ඒ මහතා ඉදිරිපත් කළ අතර අදාළ වාර්තාව මගින් අනාවරණය කර ඇත්තේ කිරිපිටි ආනයනය කරන මුවාවෙන් එම ආනයනකරුවන් අමුද්‍රව්‍ය ගෙන්වා ඇති බව ය.

කෙසේවෙතත් මෙම ගැටලුව නිසා මෙරට තුළ කිරිපිටි හිඟයක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join