ලබන 09 වැනිදා සිදු වෙන්න යන දෙයක් ගැන දැනුම් දීමක්..
අයවැය ඡන්ද විමසීමෙන් පසු එළඹෙන 09 වනදා බදු සංශෝධන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යන බවට පැතිර යන කටකතා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, බදු සංශෝධන කිහිපයක් එළඹෙන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි.
එහෙත් ඉන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමට බලපෑමක් එල්ල නොවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
එළඹෙන 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බදු සංශෝධනය 2023 අයවැය යෝජනාවලට අදාළ නොවන අතර ඒවා අතුරු අයවැය ලේඛනයේ හෝ ඊට පසුව ගෙන ආ යෝජනා බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |