රංජන් ගුරුවරියක් විවාහ කරගන්න සල්ලි අරන් මාට්ටු වෙලා?..ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක්ලු..

Sri Lanka Police Ranjan Ramanayake Sri Lanka Politician Department of Prisons Sri Lanka Actress
By Aruna Jun 23, 2023 12:53 AM GMT
Report

වරෙන්තු මත සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ (22දා) මහනුවර අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා වරෙන්තුව යළි කැඳවනු ලැබුවා.

මහනුවර පාසලක ගුරුවරියකට විවාහ පොරොන්දු දී ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් යළි ලබා නොදීම සම්බන්ධයෙන් ගුරුවරිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව රංජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් ඇත.

එම නඩුව පෙරේදා (21 දා) කැඳවූ අවස්ථාවේ චූදිත රංජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා වරෙන්තු නිකුත් කළා.

නීතිඥ මනීෂ සෙනෙවිරත්න මහතා මගින් රංජන් රාමනායක මහතා ඊයේ (22දා) අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ නඩු දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඔහුට දැඩි ලෙස අවවාද කළ බවයි වාර්තා වන්නේ.

පෙර ඇප මත මුදා හරිනු ලැබූ රංජන් රාමනායක මහතාට යළි සැප්තැම්බර් මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස මොහොමඩ් රාෆි මහතා නියෝග කළේය.