රංජන් රාමනායකට නොසිතූ දෙයක් ඊයෙ රෑ සිදුවෙයි..

Bandaranaike International Airport Ranjan Ramanayake Sri Lanka
By Aruna Oct 27, 2022 11:03 PM GMT
Report

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් අමෙරිකාව බලා පිටත් ව යෑමට පැමිණි ප්‍රවීන චිත්‍රපට නළු රංජන් රාමනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ, රංජන් රාමනායකට එරෙහි ව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ යාවත්කාලීන කිරීමක් මේ දක්වා ගුවන්තොටුපොළ වෙත ලැබී නොතිබීමයි.

චිත්‍රපට නළු රංජන් රාමනායක කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ පිටත් වීමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් පළමුව ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැනින් අමෙරිකාව වෙත යාමට සැලසුම් කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now