පෙබරවාරි 4 රන්ජන් නිදහස්...? ප්‍රසිද්ධ නිළියක්, මන්ත්‍රීවරියක් කියූ කතාව

sri lanka politics parliment Ranjan ramanayake geetha kumarasinghe
By Sithumi Jan 25, 2022 10:56 AM GMT
Report

වසරකට අධික කාලයක් සිරගතකර සිටින සහෝදර කලාකරු රන්ජන් රාමනායක මහතාව පෙබරවාරි 04 වැනිදාට යෙදෙන නිදහස් දිනයේ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කරන ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් නැවතවරක් කාරුණිකව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක මෙන්ම සම්මානනීය රංගනවේදිනියක වන ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

රන්ජන් රාමනායක මහතා සිරගත කිරීමෙන් අනතුරුව මෙරට සිනමා කර්මාන්තයට මරු පහරක් එල්ල වූ බවත් පවසන ගීතා කුමාරසිංහ මහත්මිය තම සහෝදර කලාකරුවාට රංගනය තුළින් හැකියාවක් සඳහන් කරයි. වැඩි දුරටත් අදහස් දැක්වූ ගීතා කුමාරසිංහ මහත්මිය, 

 “බහුතරයක් කලාකාරයෝ එක හඬින් ඉල්ලන්නේ රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන්න කියලයි. ගරු අධිකරණය විවේචනය කිරීම වරදක්. ඒ වරදට රන්ජන් වසරක් තිස්සේ දඬුවම් වින්ඳා. රන්ජන් නිදහස් කිරීමේ බලය ජනාධිපතිතුමා සතුයි. අපි විශ්වාස කරනවා මෙවර නිදහස් දින දවසේ රන්ජන්ට ජනාධිපති සමාවක් ලැබෙයි කියලා.

වැරදි කිරීම මනුස්ස ගතියක්, ඒ වගේම සමාවදීම දේව ගතියක්. රන්ජන් මිනී මැරුම් කරලා අපරාධ කරලා සොරකම් කරලා වැරදි කරලා නැහැ. ඔහු දුරදිග නොබලා කළ ප‍්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් වුණා. මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට සමාවක් දීමට කටයුතු කරන්න.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now