ජනපති රනිල් ට ටී එන් ඒ එකෙන් කළ බලපෑම මොකක්ද..?
දෙමළ ජනතාවගේ ගැටලුවලට ස්ථීර විසඳුම් ලබාදීමට කඩිනමින් පියවර නොගන්නේ නම් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී මේ පිළිබඳව දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන් මන්ත්‍රීවරයා සඳහන් කළා.
ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස එම සාකච්ඡාවේ දී දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර මීට පෙර අවස්ථා කිහිපයකදී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා වාර කිහිපයක් පවත්වනු ලබුවා.
එහෙත් සිය ගැටලු සඳහා මෙතෙක් ස්ථීර පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා.
එම නිසා ජුලි මාසය අවසන් වීමට පෙර ජනවාර්ගික අර්බුදය සඳහා විසඳුම් ලබානොදුනහොත් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා නොකිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව රාසමානික්කම් ශානක්‍යයන් මන්ත්‍රීවරයා සඳහන් කළා.