ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. ජනපති කියයි

Ranil Wickremesinghe Wickremesinghe Ranil Sri Lankan political crisis
By Sithumi Nov 24, 2022 06:01 PM GMT
Report

   මානව හිමිකම්වලට මුවා වී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව සම්පූර්ණයෙන්ම මැඩපවත්වන බවයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතැමුන් කරන ප්‍රකාශයන් පිළිබදවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළ කළා.

විපක්ෂය එල්ල කරන චෝදනා කිහිපයකටද ජනාධිපතිවරයා මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.