ජනපති දිවයිනට..
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By krishani
අද (26) යුරෝපා සංචාරය නිමවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේ ය.
ඒ උදෑසන 9.10ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරන යානයෙන් ය.
එංගලන්තයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා, එහිදී ප්‍රංශ ජනාධිපති එම්මානුල්වෙල් මැක්‍රොන්, එක්සත් ජාතිීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් සහ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩි්‍ර අසුලේ හමු වීය.
එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සහ ෆ්‍රැන්කෝ ෆෝන් සංවිධානයේ මහ ලේකම්වරිය ද හමු වීය.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය යුරෝපා සංචාරයේ දී සහභාගි වීය.