මෙරට කර්මාන්තකරුවන්ට මෙන්න ජනපතිගෙන් සුබම සුබ ආරංචියක්. - අඩු පොලියට ණය ගන්න අලුත් තැනක්.
                                    
                    Ranil Wickremesinghe
                
                                                
                    Economy of Sri Lanka
                
                                                
                    Businessman
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
ඒ, අනුව එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය අද (19) පෙරවරුවේ විවෘත කරමින්.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    