IMF ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් නැහැ..ජනපති කියයි..
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ආර්ථික ප‍්‍රතිසංස්කරණ වැඩසටහන අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට හා මැතිවරණ කොමිසම දැනුවත් කර ඇතැයි වාර්තා වනවා.
මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය දිය යුත්තේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා එක්ව කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බවයි ජනපති පෙන්වා දී ඇත්තේ.
කැබිනට් මණ්ඩලය හා මැතිවරණ කොමිසමේ නිලධාරින් වෙන වෙනම හමුවූ අවස්ථාවලදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
මුල්‍ය අරමුදල සමග වන වැඩසටහන එළඹෙන ජූලි මස අග වන තෙක් ක්‍රියාත්මක වන බැවින් ඊට පෙර කිසිදු මැතිවරණයක් නොපැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
කෙසේ නමුත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාලය ව්‍යවස්ථානුකූලව ඇත්තේ මුල්‍ය අරමුදලේ ක්‍රියාවලියට පසුව නිසා එය පැවැත්වීමට මුල්‍ය අරමුදලේ වැඩසටහන බාධාවක් නොවන බවයි.
එනිසා පළමුව ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස ද වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයත් මැතිවරණ කොමිසමත් දැනුවත් කොට තිබේ.
ඒ අනුව රජයේ ආරංචි මාර්ග තවදුරටත් කියා සිටින්නේ, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් කිසිසේත්ම නොපවත්වණු ඇති බවයි.