ජනපති හදිසියේම විශේෂ ප්‍රකාශයක් කරයි.(LIVE)
අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කළා.
රට නැවත ගොඩනැංවීමේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන් බව ජනාධිපතිවරයා පවසා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,
"මම අද සභාව අමතන්නේ ලොකු සතුටකින්.
දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමට තීරණාත්මක පියවර අරන් තියෙන බව ඔවුන් පිළිගන්නවා. ඒ ගමනේ සංධිස්ථානයකට අපි පැමිණ ඇති බව ඔවුන් පැවසුවා.
මේ අභිමානවත් ගමනට නායකත්වය ලබාදීමට හැකිවීම ගැන මා තුළ ඇත්තේ නිහතමානි සතුටක්. මම ගිය අවුරුද්දේ භාරගත්තේ බංකොළොත් රටක්.
කිසිදු නායකයෙක් මේ බංකොළොත් රට භාරගන්න ඉදිරිපත් වුණේ නෑ.
මේ අභියෝගය භාරගන්න හැමෝම බය වුණා. දැන් පාර්ලිමේන්තුව අමතන වීරයෝ කිසිවෙක්ට ඉස්සරහට එන්න ධෛර්යක් තිබුණේ නෑ..
මම ඒ අභියෝගය භාරගත්තා..."
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න,