රනිල්ගේ ඉල්ලිමට ආණ්ඩුව කැමති වෙයි..පළමු පාර්ලිමේන්තු සැසියේදී කරන්න යන දේ ...
Sri Lanka
politics
Johnston Fernando
IMF report
Ranil Wickamasinghe
By Sewvandhi
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලැබූ කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගෙන තිබෙනවා.
අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
එම යෝජනාවට සහ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයේ දී ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |