රනිල් අනිවාර්යෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම්දීමක්..

United National Party Ranil Wickremesinghe Ruwan Wijewardene President of Sri lanka Presidential Update
By Aruna Jul 06, 2024 06:47 AM GMT
Report

රනිල් වික්‍රමසිංහ අනිවාර්යයෙන්ම ජනපතිවරණයට ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා ගාල්ලේදී අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

"රනිල් වික්‍රමසිංහ ජනපති මේ ජනපතිවරණයට ඉල්ලනවාද? නැද්ද? කියා දෙගිඩියාවක් ජනතාව තුළ තිබෙනවා.

අදත් බිහිසුණු බස් රථ අනතුරක්..ධාවනය වෙමින් තිබූ බස් රථයකට එකවරම සිදු වූ දේ.(PHOTOS)

අදත් බිහිසුණු බස් රථ අනතුරක්..ධාවනය වෙමින් තිබූ බස් රථයකට එකවරම සිදු වූ දේ.(PHOTOS)


අනිවාර්යෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා.

රුවන් විජයවර්ධන මහතා එහිදී සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ඉදිරිපත් වී අනිවාර්යයෙන්ම ඔහු ජයග්‍රහණය කරන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය අමතමින් එජාප නියෝජ්‍ය නායකවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකාවෙන් අලුත් බලාපොරොත්තුවක්...

ශ්‍රී ලංකාවෙන් අලුත් බලාපොරොත්තුවක්...


එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සංවිධාන කළ මෙම සම්මේලන රැළිය ගාල්ල උළුවිටිකේදී පැවැත්විණ.