පූර්ණ ප්‍රතිව්‍යූහගතකරණයක් ගැන ජනපති කියූ දේ..

Ranil Wickremesinghe Sri Lanka Financial crisis
By Sewvandhi Aug 30, 2023 01:02 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ,ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගත කිරීමට බලාපොරොත්තු වන බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ, ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින අතර, තරගකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ, විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවයි.

අරලියගහ මන්දිරයේ පැවති 'ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය' පිළිබඳ විද්වත් සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර, කලාපයේ සෙසු රටවල් සිදුකළ අන්දමින් පවතින සම්පත් භාවිත කර රටක් ලෙස තනිව නැඟී සිටීමට උත්සාහ කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.