ජනපති රනිල් අද සවස 3.00ට කරන්න යන විශේෂ වැඩේ මෙන්න..
Ranil Wickremesinghe
Sri Lanka Politician
President of Sri lanka
India
Northern Province of Sri Lanka
By Aruna
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උතුරු නැගෙනහිර පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීමට නියමිතයි.
පස්වරු 3 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි.
බලය බෙදීම, උතුර සහ නැගෙනහිර පළාත්වල හමුදා භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීම, උතුරේ ධීවරයන්ගේ ගැටළු ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයට පෙර මෙම හමුව පැවැත්වීමට නියමිතයි.
ඉන්දීය සංචාරයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා බලය බෙදීම සහ පළාත් මැතිවරණ සම්බන්ධයෙන් ඉන්දීය නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
රාජ්‍ය නායකයා ජූලි 21 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යයි.
ජනාධිපතිවරයා පසුගිය වසරේ බලයට පත්වීමෙන් පසු උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.