කුඩා ව්‍යාපාර ලබාගත් ණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..
Ranil Wickremesinghe
Sri Lanka
Economy of Sri Lanka
By Sithumi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග විදෙස් ආධාර මෙරටට ලැබීමෙන් රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බවයි.
ඊයේ (29) පැවති වෘත්තීය සමිති සමඟ හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂී වගකීමක් ව්‍යාපාරිකයින්ට සහ වෘත්තීය සමිති නියෝජිතයන්ට පැවරෙන බවයි, එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත නැවත වැඩි වියහැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
මේ අතර අද කොළඹ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙනු ඇති බවය.