ජනපති පාර්ලිමේන්තුව විසුරුවහරී?..පොහොට්ටුවටත් දන්වයි..
Election Commission of Sri Lanka
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka Politician
Sri Lanka Podujana Peramuna
By Aruna
ආණ්ඩුව පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය ලබා නොදෙන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොදුජන පෙරමුනේ නායකයන්ට දැනුම් දී ඇති බව සති අන්ත ප්‍රධාන පුවත්පතක් වාර්තා කරනවා.
මේ වන විට අස්ථාවර තත්වයකට වැටී තිබූ රට ක්‍රමයෙන් ඉහළට ගෙනැවිත් යම් මට්ටමකට ගොඩනගා ඇති අවස්ථාවේ සියලු දෙනාගේම සහය ඒ සඳහා අවශ්‍ය බවයි ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ.
ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර ඇත්තේ, ඉකුත් දා කැදවන ලද සාකච්ඡාවකට පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් කිහිප දෙනෙකු සහභාගි නොවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් එම සාකච්ඡාවට පසුදින ආණ්ඩුවේ පක්ෂ නායකයන් කැඳවූ අතර ඊට සහභාගි වූ පොදු ජන පෙරමුණේ නායකයන් කියා සිටියේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහාය ලබාදෙන බවයි.