මෙරට ජනපතිට ලෝකයේ ඉහළ තැනකින් විශේෂ ඇරයුමක්..

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka France World
By Aruna Jun 14, 2023 05:21 AM GMT
Report

මේ මස 22 සහ 23 යන දෙදින තුළ පැරිසියේදී නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙහිදී ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ආරාධනයක් කර ඇතැයි වාර්තා වේ.

ඒ එම ගෝලීය නායක සමුළුවේ ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මෙම සමුළුව ඇමතීමට ශ්‍රී ලංකා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවීම විශේෂ අවස්ථාවක් බවයි බොහෝ දේශපාලන විචාරකයින් පවසන්නේ.