හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවසන් ගෞරව

Ranil Wickremesinghe Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 19, 2026 06:44 AM GMT
Report

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාව වෙත පැමිණ තිබේ.

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 17 වැනිදා උදෑසන සිය නිවසේදී වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන තිබුණි.

පොලීසිය සැක පළ කරන්නේ, එම සිද්ධිය සියදිවි හානිකර ගැනීමක් විය හැකි බවට වන අතර, ඔහු සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවිය භාවිත කර වෙඩි තබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට (20) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.

විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ අභාවයකදී හිමිවන නිල පොලිස් ගෞරවය ඔහු වෙත ලබාදීමටද තීරණය කර ඇත.