රනිල් ඇතුළු හිටපු නායකයින් විපක්ෂ නායක කාර්යාලයට රැස්වුණේ ඇයි?
වත්මන් රජය විසින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට සිදු කරන බවට චෝදනා කරන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපතිවරුන්, හිටපු අග්‍රාමාත්‍යවරු අධිකරණ ක්ෂේත්‍රය මුහුණ පා ඇති බවට පවසන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, ඒ සඳහාන් සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්ව තිබේ.
වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රය මුහුණ පා ඇති බවට පවසන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, ඒ සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුවට බල කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන නායකයින් රැසක් සහභාගී වී තිබේ.










