රනිල්, කථානායකගෙන් කළ විශේෂ ඉල්ලීම මෙන්න.
Parliament
Mahinda yapa
Ranil wickramasinghe
Dinesh gunawardhane
By Aruna
එළඹෙන 18 වනදා පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදුකරන මූලාසන කතාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පවත්වන ලෙස එක්සත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම සිදුකර තිබුණි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කටයුතු වාර අවසාන කිරීමට පසුගිය දෙසැම්බර් 13 වනදා තීරණය කළ අතර ජනවාරි 18 වනදා පාර්ලිමේන්තුවේ මීළඟ වාරය නැවත ආරම්භකිරීමට නියමිතයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටින්නේ පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම විවාදය ජනවාරි 19, 20 හෝ 21 යන දිනවලදී පැවැත්විය හැකි බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |