‘රන් මල්ලි’ බල්ගේරියාවේදී මාට්ටු - ලංකාවට ගේන්න රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක්
Sri Lanka Police
Crime
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින, ‘රන් මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන චරිත් සඳකැළුම් නමැත්තා බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් තහවුරු කර ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික පියවර ගනිමින් සිටින බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය සහ ඔහු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.