රසික හදවත් සැනසූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති

Buddhism Latest Headlines Sinhala news
By R.rishma Aug 19, 2026 08:17 AM GMT
Report

සුභාවිත ගී පබැඳුම් රැසකින් මෙරට රසික හදවත් සැනසූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් ඊයේ (18) පස්වරුවේ අපවත් වූහ. අපවත් වන විට උන්වහන්සේ 76 වැනි වියේ පසුවූහ.

ලා දළු බෝපත්,
මේ ඉර හඳ යට හමුවී
පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ
මේ ප්‍රේම කතා නවතා මොහොතක්
බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති,
සෙනෙහස පුදා අම්මාවරුන් වගේ,
හිමි සණරාමර

කලක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ජිනරතන අභ්‍යාස ආයතනයේ භාරකාරත්වය ද උන්වහන්සේ විසින් දරනු ලැබීය.

උන්වහන්සේගේ දේහය අද (19) පස්වරුවේ වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය.

මහජන ගෞරවය සඳහා සිකුරාදා දක්වා එම විහාරස්ථානයේ දේහය තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු එදින පස්වරුවේ දෙහිවල ශ්‍රී සරණංකර ක්‍රීඩා පිටියේදී සිදු කිරීමට නියමිතය.