මෙච්චර දේවල් වෙලත් මන්ත්‍රීකම තියෙන අර්චුනා...

Parliament of Sri Lanka Accident Ramanathan Archchuna
By Sithumi Feb 13, 2025 07:47 AM GMT
Report


අර්චුනා රාමනාදන් කිව්වම මේ වෙද්දි පාර්ලිමේන්තුව පටන් ගත්ත දවසේ සිට අද දක්වාම බොහෝ දෙනාගේ අවදානයට පාත්‍ර වුණු කෙනෙක්.

ඔහු ගැන නම් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා.

ඒකට හේතුව වෙන්නේ කාලයක් පුරාවටම විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් එක්ක අර්චුනා ප්‍රසිද්ධියට පත්වීම.

විශේෂයෙන්ම පසුගිය දවසක සිදුවුණු දෙයක් නිසා මේ වෙද්දි අර්චුනා ගැන ආයෙත් හැමෝම කතා කරන්න පටන් අරගෙන ඒකට හේතුව තමයි ඔහු හෝටල් සේවකයෙකුට කළ පහරදීමක සීසීටීවි දර්ශන ඊයේ සිට මාධ්‍යට මුදා හැර තිබීම.

බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙන අර්චුනා මේ වෙද්දි හැමෝගෙම අවදානයට පාත්‍ර වුණත් ඔහුගේමන්ත්‍රී ධුරය පිළිබදවත් මේ වන විට ගැටලුවක් ඇතිව තිබෙනවා.

ඒකට හේතුව වෙන්නේ ඔහු විවිධ පිරිස් සමග රණ්ඩු වීම ගැන බොහෝ සිදුවීම් මෙම කෙටි කාලය තුළ වාර්තා වීමයි. නමුත් මේ වන තෙක් ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක නොවීමත් ගැටලු සහගත බව වාර්තා වනවා.