ඉස්ලාම් බැතිමතුන් ඉමහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදයි..
ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ "ඊද් උල් ෆිත්ර්" නොහොත් රාමසාන් උත්සවය අදයි.
සාමානාත්මතාව පිළිබඳ හොඳම පණිවුඩය ලොවට පහදා දෙන වැදගත් මූලික වතාවත්වලින් එකක් අවසන් කළ ඔවුන් මෙය උත්කර්ෂයෙන් සමරනු ලබයි.
ඉස්ලාම් දහමේ ප්‍රධාන වගකීම්වලින් එකක් වන උපවාස මාසය හෙවත් රාමසාන් මාසය, ඊයේ අවසන් වුණා.
නව සඳ දැකීමෙන් අනතුරුවයි, ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අද සමරනු ලබන්නේ.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, පසුගිය මාසය පුරා උපවාසයේ සිටීමෙන් අවිවේකීව නොකඩවා ක්‍රියාත්මක වූ ශරීරයට විවේකයක් ලබා දීමත්, දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ගේ කුසගින්න අවබෝධ කර ගැනීමයි.
එමෙන්ම, සමානාත්මතාවයත්, සහෝදරත්වයත් ලොව පුරා පතුරුවා, හැරීමද තවත් අරමුණක්.
උපවාසය ශරීරයට සම්පූර්ණ සුවයක් බවත්, සනීප කළ නොහැකි විවිධ රෝගවලට ප්‍රතිකාරයක් බවත්, ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි.
ශබ්ද නඟා "තක්බීර්" කියා රාමසාන් උත්සවය ආදරයෙන් පිළිගැනීම ඔවුන්ගේ චාරිත්‍රයක්.
රාමසාන් උත්සවය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනා සහභාගීවන අතර, එකිනෙකාට සුබ පැතීම ද මෙහි වැදගත් චාරිත්‍රයක්.
තම ඥාති හිතමිත්රාදීන්ගේ නිවෙස්වලට ගොස් ආදරය හා සතුට බෙදා ගැනීම ද මෙහිදී සිදු කෙරෙනවා.