පතලයක් කඩාවැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට..

Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jun 17, 2023 10:04 AM GMT
Report

රක්වාන මාදම්පේ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ වත්ත අංක 01 කොටස ප්‍රදේශයේ අනවසර පතලයක් කඩාවැටී ඊට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

ඊයේ (15) රාත්‍රියේදී මෙම අනවසර පතල කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර හදිසියේම පතල කඩා වැටී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී පතලේ පුද්ගලයින් 04 දෙනෙකු සිට ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

නමුත් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට හමුවී ඇති අතර කහවත්ත මුලික රෝහලේ දේහයන් තැන්පත් කර තිබේ. රක්වාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.