රජීව් ගාන්ධි ඝාතකයන්ට ඉන්දීය අධිකරණය දුන් නියෝගය..

Government Of India India
By krishani Nov 11, 2022 08:35 AM GMT
Report

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටින නලිනි ශ්‍රීහරන් ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළේ ය.

පසුගිය මැයි මාසයේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් තවත් වැරදිකරුවෙකු වූ පේරාරිවාලන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කිරීමට කටයුතු කළේ ය.

1991 වසරේ දී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගත කරනු ලැබූ පිරිස අතර නාලනීට අමතරව ශ්‍රීහරන්, සාන්තන්, මුරුගන්, රොබට් පායාස් සහ රවිචන්ද්‍රන් අය ද වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join