තාත්තයි පුතයි එකතු වෙලා අද කරන්න යන දේ මෙන්න..

Dr Rajitha Senaratne Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Nov 14, 2022 05:09 AM GMT
Report

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද දිනයේ ආණ්ඩුවට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටිනවා.

2023 වසර සඳහා වන අය වැය ලේඛනය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන් පසු එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඔහු ආණ්ඩුවට එක් වනු ඇති බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

සේනාරත්න මහතා ආණ්ඩුවට එක් වීමේ සම්බන්ධීකරණ කටයුතු කරන්නේ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා විසින් බවද සඳහන්.

රාජිත සේනාරත්න මහතා ආසන්න දිනවල දී මාධ්‍ය හමුවලදී කියා සිටි මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට සිටින හොඳම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now