රාජිත යළි දේශපාලන කරලියට එයි..මීලගට ගහන්න හදන තුරුම්බුව මෙන්න..

Sri Lanka
By Aruna Nov 11, 2022 05:32 AM GMT
Report

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරනවා.

මෙම මන්ත්‍රී පිරිස අයවැය ආසන්නයේ හෝ ඉන්පසුව ආණ්ඩුවට එක් වනු ඇතැයි ද පැවසු ඒ මහතා එම පිරිස් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන අමාත්‍යධුරයන් ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවයි කියා සිටියේ.

පවතින තත්ත්වය මත මෙම මන්ත්‍රී කණ්ඩායමට විවිධ වගකීම් භාර ගැනීමට සිදුව ඇති බවද පැවසූ මන්ත්‍රීවරයා ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්ම ඇතුළු ක්‍ෂෙත‍්‍ර කළමනාකරණය කළ යුතුව ඇති බව ද සඳහන් කළා.

රාජිත සේනාරත්න මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දක්වන්නේ සාධනීය හැඟීමක් බව ද පැවසූ ඔහු ජනාධිපතිවරයා ගැන පැහැදී ආණ්ඩුවට විශාල පිරිසක් එක් වීමට කැමැත්තෙන් සිටියද ඒ තරම් ප්‍රමාණයකට වගකීම් දීගත නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ, සිරිකොත දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now