රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා කළඹයි.

Sri Lanka Political Samagi janabalawegaya Rajitha senarathne
By Aruna Jan 08, 2022 10:51 PM GMT
Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළවෙමින් පවතිනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන්.

කෙසේ නමුත් එම වාර්තා අසත්‍ය බව මන්ත්‍රීවරයාට සමීපතම ප්‍රකාශකයෙක් සඳහන් කළා.

මේ වන විට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගෙන සිටින මන්ත්‍රීවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නිවසේ නිරෝධායන වෙමින් සිටින බවද ඔහු පැවසීය.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඒ මහතා සහ ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයේ සිටින බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now