රාජාංගණයේ හිමිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය..! විමල් වීරවංශත් පෙනී සිටී..
අද(21) අධිකරණය පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
අනුරාධපුර ප්‍රදේශයේදී ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමියන්ව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.
මේ අතර,අද (21) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
පසුගිය 19 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කළේය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා ලබා සිටී.
එමෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී නතාෂා එදිරිසූරිය ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ බෞද්ධ දර්ශනයට හා සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි.
ඇය සිදුකළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේ ය.
ඇයගේ ප්‍රකාශය යූ.ටියුබ් නාලිකාවකින් ප්‍රචාරය කළ බෲනෝ දිවාකර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළ අතර ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් මත යි.