දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්...ප්‍රධාන දුම්රිය මාර්ගයක් අද සිට වසා දමයි..

Sri Lanka Train Crash
By Aruna Dec 15, 2022 02:42 AM GMT
Report

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ පිහිටි පොල්ගහවෙල - කෑගල්ල දුම්රිය හරස් මාර්ගය අද පෙරවරු 7.00 සිට දින කිහිපයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

යළි එම දුම්රිය හරස් මාර්ගය වාහන සඳහා විවෘත කෙරෙන්නේ 18 වනදා පස්වරු 6.00න් පසුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූවේ.

අදාළ හරස් මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now