දුම්රිය මාර්ගයක් වසා දැමේ - විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම්දීමක්.
Aluthgama
railway
Vigada
Belmulla railway station
By Sewvandhi
ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අලුත්ගම – විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද සිට 14 වනදා දක්වා වාහන ගමනාගමනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද සහ හෙට දිනවලදී පෙරවරු 8:00 සිට පස්වරු 5:00 දක්වා දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙනු ඇති.
ඊට අමතරව අනිද්දා පෙරවරු 9:00 සිට පස්වරු 4:00 දක්වා දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එම කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |