දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව තර කරයි.(UPDATE)

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Railways Department of Railways Railways
By Aruna Sep 13, 2023 01:51 AM GMT
Report

Update 

දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන 32 කට හමුදා ආරක්ෂාව ලබාදී ඇති බව, හමුදා ප්‍රකාශකවරයා පවසනවා.

...............................

කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කරයි..

අද (13) කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කර තිබෙන බව වාර්තා වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමර්ගය ගෙන ඇති බවයි.

පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් ඉංජිනේරුවන් සිදු කළ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (12) දුම්රිය ගමන් වාර 113ක් අවලංගු කෙරුණා.

.................................................

වහාම දුම්රිය ස්ථාන වලට ආරක්ෂාව තරකරයි..මගීන්ටත් විශේෂ පණිවුඩයක්..

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් පැවතිය ද, ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග සියල්ලේ ම දුම්රිය 35 ක් ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන වෙත යුධ හමුදාව යෙදවා ඇති අතර, අවශ්‍ය වුවහොත් අනෙකුත් දුම්රිය ස්ථාන වෙතද යොදවන බව, හමුදා ප්‍රකාශකවරයා අවධාරණය කරයි.

මේ අතර, ඊයේ (12) ඇරඹුනු දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල විවිධ ගැටලුකාරි තත්ත්වයන් උද්ගත වන බව දකින්නට ලැබුණා.

හොරපේ දුම්රිය ස්ථානය අසලදී දුම්රියෙන් වැටී තරුණයකු මිය යෑමේ සිද්ධිය නිසාත්, දුම්රිය රියැදුරු සහ මගීන් අතර බහින්බස්වීම් ඇති වුණ අතර එම බහින්බස්වීම් දුරදිග ගිය තත්ත්වයන් ද දක්නට ලැබීය.

මෙලෙස, දුම්රිය බලාපොරොත්තුවෙන් පැමිණෙන මගීන් දුම්රිය ප්‍රමාද වීමෙන් මුහුණ දෙන මහත් අපහසුකාරී තත්ත්වයන් නිසා මතු විය හැකි ගැටලුකාරී තත්ත්වයන් මර්දනය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට සිදූ වුණ බවයි වාර්තා වන්නේ.

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි දුම්රියේ වහලය මත ගිය මගියෙක් ඇඳවැටී මියයයි(UPDATE/PHOTOS)..