රාගම සිදුවීමට අදාළව සිදූවූ නවතම.තවත් විශේෂ දෙයක් මෙන්න..

sri lanka Uok ragama.
By Sithumi Feb 03, 2022 10:57 AM GMT
Report

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සිව්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ රාගම වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් එම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගත් බවය. 

 රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට ඊයේ (02) අලුයම පිරිසක් කඩාවැදී පහරදීමක් සිදුකර තිබුණි. වෛද්‍ය පීඨය තුළ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පිටතින් පැමිණි පිරිසක් එම ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now