රඹුක්කන සිද්ධිය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට අගමැතිගෙන් ප්‍රකාශයක්...(PHOTOS)
Parliament
Prime Minister
Rabukkana
Mr.Mahinda rajapaksha
Rabukkana protest
By Subodha
රඹුක්කන සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් කම්පාවට පත්වන බව ද සදහන් කර ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ විරෝධතා සිදුකිරීමේ දී සිය අයිතිවාසිකම් රැකෙන පරිදි ඒවා සිදුකළ යුතු බවයි.
මේ අතර, අද (20) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේදී රඹුක්කන සිද්ධිය පිළිබද විවාදයක් ලබාදෙන ලෙසට විපක්ෂය ඉල්ලීමත් සමග ඇති වූ කතාබහ හේතුවෙන් විනාඩි 10කට සභාව කල් තැබීමට කථානායකවරයාට සිදුවුණා.
පසුව පක්ෂ නායක රැස්වීමක් පැවැත්වූ අතර එහිදී රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට එකගතාව පළ වී තිබෙනවා.
මේ අතර ධීවරයින්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාල්ල - බස් නැවතුම්පළ ඉදිරිපිටින් ප්‍රධාන මාර්ගය මේ වන විට අවහිර වී තිබෙනවා.
එහි ඡායරූප පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
