රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් හා විරෝධතා පිළිබඳ ජනාධිපති ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි...(PHOTO)
President
Sri lankan sinhala news
Rabukkana protest
Mr.Gotabhaya rajapaksha
By Subodha
රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සහ රට පුරා උද්ගතව පවතින දැඩි විරෝධතා පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා කියා සිටින්නේ, ඊයේ (19) දින සිදු වූ රඹුක්කන ඛේදනීය සිදුවීමෙන් සම්බන්ධයෙන් තමන් පළමුකොට දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බවයි.
ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් සිවිල් වැසියන්ට අරගල කිරීමට නිදහස ඇති බව ද ජනාධිපතිවරයා පවසනවා.
නමුත් එම අරගල සිදු කිරීමේ දී සාමකාමීව කටයුතු කිරීමටත්, ප්‍රචණ්ඩකාරී පසුබිමකට විරෝධතා මෙහෙයවීමෙන් වළකින ලෙසත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටිනවා.
එමෙන්ම, ඊයේ සිදු වූ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු සහ විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ.
එහි සටහන පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
