කවුරුත් හොයන රඹුක්කන සිද්ධියේ ඇත්ත කතාව මෙන්න...28 කට සිදු වූ දේ මෙන්න. (VIDEO) .
රඹුක්කන විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සමඟ බවුසරයකට ගිනි තැබීමට පිරිසක් උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වළක්වා ගැනීමට පොලිසියට අවම බලය යෙදවීමට සිදුවුණු බව පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න සඳහන් කර සිටිනවා.
රඹුක්කන ප්‍රදේශයේ අද සවස ඇතිවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අමතමින් පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
මේ අතර රඹුක්කන විරෝධතාවය මැඩ පැවැත්වීමේදී පොලිසිය පමණ ඉක්මවා බලය අයුතු ලෙස යොදා ගත්තාද යන්න ගැන විමර්ශනයක් සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සඳහන් කර සිටිනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව අද උදෑසන රඹුක්කන ප්‍රදේශයේදී ඇතිවූ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග විරෝධතාකරුවන් විසින් පොලිසියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කර සිටිනවා.
මෙම ගැටුමින් මේ වන විට පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෙසු තුවාලකරුවන් 28 දෙනා ගෙන් 15 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර සෙසු පිරිස සාමාන්‍ය වැසියන් බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |