ලොවක් පාලනය කල ආධිපතිනියකගේ ජිවිතයේ ඔබ නොදත් දෑ මෙන්න..(PHOTOS)
1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස කටයුතු කළ දෙවැනි එළිසබෙත් මහ රැජින අභාවප්‍රාප්ත වූ බව නිල නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය ඊයේ(08) රාත්‍රියේ නිවේදනය කළේ ය.
අද වන විට නිදහස් රාජ්‍යක් වන අප කලකට පෙර බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව සිටියාය. 1952 පෙබරවාරි මාසයේදී ඇගේ පියා වු හයවන ජෝර්ජ් රජු මිය ගිය විට එවකට 25 හැවිරිදි එලිසබෙත් ස්වාධීන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් හතක රැජිනක් වූවාය. එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ ලංකාව ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා විය.
1926 වසරේ අප්‍රේල් 21 වනදා උපත ලැබූ එළිසබෙත් කුමරිය (දෙවන එලිසබෙත් රැජින) ගේ සම්පූර්ණ නම එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරී ය. ඇයගේ මාපියන් වන්නේ vi ජෝර්ජ් රජු හා එළිසබෙත් කුමරියයි. රැජිනගේ පියා වන vi ජෝර්ජ් රජු, v ජෝර්ජ් රජුගේත් මේරී කුමරියගේත් දෙවන පුතු යි. රැජිනට එළිසබෙත් යන නම හිමිවූයේ තම මව වන එළිසබෙත් කුමරියගෙන් වන අතර ඇලෙක්සැන්ඩ්‍රා නම් ලැබුවේ තම සීයා වන v ජෝර්ජ් රජුගේ මවගෙනි. මේරි යන නම රැජිනට ලැබුණේ තම තම පියා වන vi ජෝර්ජ් රජුගේ මවගෙනි. කිතුනු ආගමට අනුව එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ ඇයගේ උපතින් දින 37කට පසු එනම්, 1926 මැයි 29 වන දින බකිංහැම් මාලිගාවේ දීය. දෙවැනි එළිසබෙත් රැජින බෞතීස්ම කරනු ලැබුවේ යෝර්ක්හි ඇන්ග්ලිකානු අගරදගුරු කොස්මෝ හෙරඩ්න් ලෑන්ග් විසිනි.
දෙවෙනි එළිසබෙත් රැජිනගේ එකම නැඟණිය මාග්‍රට් රෝස් කුමරියයි. ඇය උපන්නේ 1930 අගොස්තු 21 දායි. එළිසබෙත් හා මාග්‍රට් කුමරියන් දෙදෙනාම අධ්‍යාපනය හැදෑරුවේ තම මවගේ අධික්ෂණය යටතේ ගෙන්වනු ලැබු හසල දැනුමක් සහිත ගුරුවරුන්ගෙනි. භාෂාව, ඉතිහාසය, සංගීතය හා සාහිත්‍ය ඔවුන් ඉගෙනගත් විෂයන් විය. මෙදෙදෙනා අතරින් සතුන්ට වඩාත් ආදරය දක්වා ඇත්තේ එළිසබෙත් කුමරියයි. ඇයගේ ප්‍රියතම සුරතලුන් වුයේ අශ්වයන් හා සුනඛයන්ට. කුඩා එළිසබෙත් ඉතාම විනෝදකාමී සංවේදී මෙන්ම මනා හැදීයාවෙන් යුතු වුවාය. කුඩා එළිසබෙත්ගේ සුරතල් නාමය වුයේ “ලිලිබෙට්”ය. ඊට හේතු වුයේ එළිසබෙත් යන්න උච්චාරණයේදී ඇය අතින් සිදුවු වරදකි. මේ අනුව රජ පවුලේ සාමාජිකයන් සැවොම ඇය ඇමතුවේ ලිලිබෙට් යනුවෙනි.
1947 එළිසබෙත් රැජිණ පිලිප් කුමරු සමඟ විවාහ වුවාය. ඔහු උපත ලැබුවේ ග්‍රීසියේ සහ ඩෙන්මාකයේ පිලිප් කුමරු ලෙස වුවද, ජාති ප්‍රවේශනයෙන් පසු ඔහු පිලිප් මවුන්ට්බැටන් සහ එඩින්බරෝහි ආදිපාද යන නම් වලින් හඳුන්වනු ලැබීය. වර්තමානය වනවිට මෙම දෙපළට දාව දරුවන් හතර දෙනකු සහ මුණුපුරන් අටදෙනකු ඇත. අටවැන්නාවූ ජේම්ස්, සෙවර්න් හි විස්කවුන්ට්වරයා උපත ලැබුවේ 2007 දෙසැම්බර් 17, එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරියට දාවය.
දෙවන එළිසබෙත් රැජිණ වූ කලී පොදුරාජ්‍ය මණ්ඩලීය ජනපද දහසයකද, මුහුදෙන් එතෙර යටත් විජිතයන් වලද රාජ්‍ය නායිකාවයි. ඇය වාසය කරනුයේ එක්සත් රාජධානිය තුළයි. ඇය සතුව තිබූ පැරණි රාජධානිය ඇයගේ මුතුන් මිත්තන් විසින් පාලනය කරන ලද දේශයන් වලින්ද සමන්විත විය. එක්සත් රාජධානියට අමතරව ඇය කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජැමෙයිකාව, බර්බඩෝසය, ග්‍රෙනාඩාව, පැපුවා නිව්ගිනියාව, සොලමන් දූපත්, තුවාලූ, ශාන්ත ලුසියා, ශාන්ත වින්ස්ටන් සහ ග්‍රෙනඩ්න්ස්, ඇන්විගුවා සහ බාබුවා, බෙලිසය සහ ශාන්ත කෙට්ස් සහ හෙවිස් යන රටවලද රැජිණ ලෙස කටයුතු කරයි. එම සෑම රටකම අග්‍රාණ්ඩුකාර තනතුර දරනු ලබන්නේ ඇයගේ නියෝජිතයෙකු විසිනි.
මෙම රටවල් 16 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජධානි ලෙස හඳුන්වයි. ඔවුන් සමඟ සම්බන්ධ වූ අනෙකුත් රාජ්‍යවල ජනගහනය මිලියන 129 ඉක්මවයි. න්‍යායාත්මකව ඇයගේ බලය අති විශාලය. නමුත් ප්‍රායෝගිකව ඇය දේශපාලනමය කටයුතු සඳහා මැදිහත් වන්නේ කලාතුරකිනි. එක්සත් රාජධානිය තුළදී නම් ඇය තම රජයේ අමාත්‍යවරුන් සමඟ විවිධ සම්බන්ධතා මඟින් රටෙහි අභ්‍යන්තර කටයුතු වලට දායක වෙයි. II වන එළිසබෙත් රැජිණ වෙනත් තනතුරු රැසක් ද දරනු ලබන්නීය. ඒවා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා, එංගලන්ත දේවස්ථානවල ප්‍රධානියා, නොමැන්ඩ් හි සිටුවර, මෑන්හි ප්‍රධානියා, ෆිජිහි ප්‍රධානියා යන ඒවාය. ඇයගේ සුවිශාල රාජ්‍යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී. එනම් බොහෝ රාජ්‍යයන් අද බ්‍රිතාන්‍ය පරිපාලනයෙන් අත්මිදී ස්වාධීනව කටයුතු කිරීමට උත්සාහ දරති.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |